Friday, 19. March 2010
ඉතින් නයාගේ පිහිටෙන් බොහෝ සිසුන් පිරිසක් විභාගය සතුටින් හමාර කරන ලදි. තෙවන දවසේ සිට බොහෝ විට එක් එක් විෂයට සමත් කම් දැක්වූ සිසුන්ගේ කොටු කොළ විභාග ශාලාධිපතිම ඉල්ලා බැරි සියළු දෙනාගේ කොටුකොළ උඩ තබා හිල් අනිමින් මගේ සොයාගැනීම ගැන මටද ප්‍රසංශා කරමින් බෙදාදෙන ලදි. බුවාලට ශාලාධිපති සැබෑ දෙවියෙක් විය.
ඉතින් ප්‍රතිථල නිකුත් වී ඇති බව දැනගත් අප පස්වනක් ප්‍රීතියෙන් පාසල වෙත දිවගියේ මොන යකාටවත් බිය නැති සිංහ පෝතකයන් මෙනි. සියළු දෙනා එක් තැනකට කැදවා පිනා රිසල්ට් නිකුත් කරන්නට සූදානම් විය. මගේ නම ඇත්තේ ගොඩක් මැඳ බැවින් මගේ පපුවේ ගැස්ම අන් අයට වඩා වේගවත්දෝයි මට වරෙක සිතුනි. අම්මට සිරි අමරෙට එස් එකයි එෆ් හතයි. විද්‍යාවට විතරයි එස් එක. බොහෝ දෙනෙකුට එස් එකයි එෆ් හතයි. සමහර බුවාලාගේ ඇස්වල කදුළුය. මම යන්තම් ගොඩය. පාසල එකම මළ ගෙයක් වැනිය. මචං උබේ කොටු කොළේ විතරයි වැඩකරලා තියෙන්නේ එක බුවෙක් හොටු හූරණ ගමන් කියන්නට විය.
අවසාන දින ශාලාධිපතිගේ කථාවත්, එම කථාවෙන් පසු ඔහුගේ කකුල් අල්ලා බුවාලා වැන්ද අයුරුත් සිහිවන්නට විය. ළමයි මෙතෙක් ඔබ සියළු දෙනා මට නයි පෙන්නා බිය ගැන්වීමෙන් කරන ලද සත්කාර මට කිසිදිනක අමතක වන්නේ නැත. එසේම එයට සහභාගීවූ සියළු දෙනාටම විභාග ප්‍රතිථල ලැබෙන දිනයේ මාව අමතක නොවනු ඇත. ඔබ සියළු දෙනාට සියළු දෙවි පිහිටයි ආරක්ෂාවයි.
Posted in Uncategorized by ගම්පොළයා -
Thursday, 18. March 2010
අතීතයේ මා යැවූ නයෙක් මෙසේ එළියට ගන්නට අවසරයි. ඉතින් මේ මාගේ හිරිමල් යවුවනයයි. වසර ගණනක් පාසල් ගියත් ඒ ගමන අවසන් කිරීමට සමත් සා. පෙ. විභාගය ආතල්මැඳ නොදැනීට කට ලඟට පැමිණියේ අපව හොල්මන් කරය. සාපෙට පෙර මාස කිහිපයේ අප කිහිප දෙනෙකු එක්ව ඇම්පිබියන්ස් ඇන්ඩ් රෙප්ටීරියල් ඇසෝසේෂන් නමින් සංගමයක් ආරම්භ කරලා තිබුනා. මේ සංගමයේ කාර්යය වුයේ දේශීය උරගයන් දුටු තැන අල්ලාගෙන පේරාදෙනිය විජ්ජ විද්දයාලයේ උරගයන් පිළිබඳව පරීක්ෂණ කරපු පොරොපෙකුට ගෙනියලා දෙන්න. අපිට නයි අල්ලන්න පුහුනුවක් හොදින් ලබාදීලා තිබුනා. මේ මෑතකදී තමයි දන්නේ ඒ පොරොපා අපිව අන්දලා නයි අල්ලව ගෙන පසුව ලොකු සම්මානයකුත් ගත්තා කියලා. කමක් නෑ අදටත් හදිසියක් වෙච්චාම නයෙක් එහෙම අල්ලලා අපිට ඕනේ දිහාවට හරවලා යවන්න හැකියාව ලැබුනේ ඔහු නිසාමයි. ඉතින් ඔහුට තව තවත් සම්මාන නිළතල ලැබේවායි මේ ගමන්ම ප්‍රාර්ථනා කරමි.
අපට නොදෑනීම විභාගය කර උඩටම ඇවිදින් තිබුනා. ඒ දවස හරිම බිහිසුනු දවසක් අපි වෙවුල වෙව්ලා විභාගයට මුහුණ දෙන්න පාසල් ගියා. අටේ දහයේ බුවෙක් ශාලාවේ වේදිකාව උඩ හිටගෙන ඉන්නවා. එදා දවස වැසිබර දවසක්. මිනිහා ටිකක් තෙමිලා. සපත්තු දෙක ගලවලා වේදිකාවේ එහාට මෙහාට යනවා. කුණු ගඳේ බෑ මේස් කුණු වෙලාද කොහෙදෝ. තාම මතක් වෙනවා ගඳ. ළමයි මම හරි දරුණු මිනිහෙක් කවුරුවත් කොපි කරන්න බෑ. වටපිට බලන්න බෑ. අත් දිගට ඇඳලා ආපු අය අත් නමා ගන්න. ඇතුළේ ගහගෙන ඉන්න එවුවා එළියට දාන්න කියලා සිංහ නාද කළා. අපිත් කුසීතයෝ වගේ එහෙම කරලා විභාගේ ලියුවා පුල් අන්දොස්. හූල්ල හූල්ල ගෙදර එන්න සූදානම් වුනා. යකෝ ඒකට නයෙක් ගහන්න ඹ්නේ අපේ උරඟ සංගමයේ බුවෙක් එක පාරටම කියුවා. අම්මට සිරි මට අමුතු අදහස් එනවා. අපි හෙට පොඩි වැඩක් කරමු. මම යෝජනා කරා වැඩේ සම්මතයි ගෙදර ආවා.
අනිත් දවසේ විද්‍යාව මම ආසම එක උදේම්ම ගියා. අපේ පන්තියේ අසරණ සෑඩ් මූණක් තිබුනු බුවෙක් හිටියා. මිනිහා උපදෙස් පරිදි අටේ දහයේ ශාලාධිපති ලඟට ගිහින් අඩනවා කොල්ලන්ට හරි හිනා. වේදිකාවට නැගපු ශාලාධිපති ඊයේ දාපු පොරටෝක් වලින් ඉවත්වෙලා මෙහෙම කියන්න ගත්තා පුතාලා මම හරි අසරණ මිනිහෙක්. ඔයාලා හොඳ දරවෝ මම ඔයාලට හරි ආදරෙයි. අද ඉදන් ඕන තරම් කොපි කරන්න මම මොනවා වත් කියන්නේ නෑ. සීන් එක දන්නේ නැති සමහර බුවාලා හොල්මන් වෙලා මොකද මේ වෙන්නේ කියලා. මට හෙන හිනා . අනේ මෙම ශාලාවට නයෙක් ගෙනාපු දරුවා කරුනා කරලා ඒ සතාව එළයට දාලා එන්න අනේ කාව හරි කෑවෙත් මම ලාච්චුවට අත දැම්මා නයාව ගන්න, මාර වැඩේ නයා නෑ. මට තරු වීසි වුනා. බලද්දී ඌ වේදිකාවටම නැගලා අර යකා මර හඩ දෙන්න පටන් ගත්තා මම දුවලා ගිහින් නයාව එළියට ඇදගෙන ගියා. අනේ තව කාගේ ගාවද නයි ඉන්නේ කියලා මිනිහා අහනවා. අපේ පාසල පිරිමි විදුහලක් නීසා මම හිතුවේ ඔක්කොම අය අත උස්සයි කියලා. යකෝ මම යෝජනා කරපු වෙලාවේ මම විතරයි නයෙක් ගේන්න කථා වුනේ ඒත් අටදෙනෙක් විතර නයි ගෙනත් මාර සීන් එක උන් ඔක්කොම මලු පිටින්ම එළියේ තියලා විභාගේ ලියන්න පටන් ගත්තා.
ශාලාධිපති මාර උදවු කරන්නේ සර් මේකට උත්තරේ මොකද්ද කියලා එකෙක් අහනකොට අනේ පුතා මම විද්‍යාව දන්නේ නෑ නේ. අනේ සර් අන්න අරයාගෙන් බලලා කියන්න කියපුවාම කවුරු හරි ලියපු උත්තරයක් බලාගෙන ඇවිත් කියලා දීලා යනවා. මරු කොල්ලොත් හිටු කියලා කොපි කරනවා. කොල්ලෝ දහයක් විතර මම ලඟට කොටු කොලේ එවුවා මට එකින් එක කතිර ගහන්නත් බෑ. මම කොටු කපලා ඉවර වෙලා අර ඔක්කොම කොටු කොළ එක උඩ එක තියලා ඒක උඩින් මගේ කොටු කොලේ තිබ්බා. ගත්තා කවකට්ට මම කොටු කපපු තැන්වලට හිල් වෙන්න ඇනලා ශාලාධිපතිට දුන්නා මිනිහා බෙදාගෙන ගියා. කොල්ලෝ හිල් තියෙන තැන්වල තමාගේ අතින් කතිර ගැහුවා. එදා මාර ආතල් සවස මට උගන්නපු සර්ට කොටු කපපු එක පෙන්නුවා මිනිහට හෙන හැපි 39 ක් හරි. මචං අපි හැමෝටම මොනවා නැතත් එස් එකක් සුවර් ඈ. අනිත් දවසේ උදේන්ම කථා වුනා. මේ ආකාරයෙන් අපි විභාගය ලියුවා.
නයි යවා විභාග ලිවිය හැකිය. නමුත් ?
Posted in Uncategorized by ගම්පොළයා -
Tuesday, 16. March 2010
බුවයි මමයි ඉනනේ එක බෝඩිමේ. පොර දැනට මාස හයක විතර ඉදන් කෑල්ලකට සීන්. කෑල්ල මිනිහා දිහා බලන්නෙවත් නෑ. බුවා මාර අප්සට් එකෙන් මගෙත් එකක්ක බෝඩිමේ ඉන්නේ. බුවාගේ නම සංජීව එදා උදේත් අපි වැඩට ගියා අම්මට සිරි අලුතින් අපේ ඔපිස් එකේ ඉන්ටවිවි එකක්. චෝයි කෙල්ලෝ සෙට් එකක්ම ඇවිත් කෝක තෝර ගන්නද කියලා මටනම් තේරෙන්නේ නෑ. හරි මම ඉන්ටවිව් බෝඩ් එකේ නෑ නේ, කවුරු තෝර ගත්තත් කමක් නෑ හොද කෑල්ලක් ආවොත් එකක් දා ගන්නවා සංජීවයට පේන්නත් එක්කම කියලා මමත් හිතුවා.
ඊට දවස් ගානකට පස්සේ ගෑනු ළමයි හයක් විතර තෝරගෙන ඇවිදින් හිටියා. අම්මට සිරි මම සංසාරේ පතාගෙන ආපු හීනෙන් හිතාගෙන හිටිය හැම කොම්පෝනන්ට් එකක්ම තියෙන කෑල්ලකුත් මේ ගොඩේ ඉන්නවා. එළ කිරි. හෙට උදේන්ම එනවා කථා කරනවා කරනවාමයි කියලා සිතා ගත්තා.
නංගී ඔයා හරි ලස්සනයිනේ. මොකක්ද ඔයාගේ නම මමත් නිකන් ලොක්කා වගේ ඇහුවා නංගී ඔෆිස් ඇරුනාම කථා කරමු මට සවර් එක ඔන් කරන්න යන්න තියෙනවා කියලා මමත් නිකන් කොම්පීටර් එකේ ලොක්ක වගේ කියුවා. සවස ඔෆිස් එක ඇරුණු ගමන් මමත් කථාකරන්න දුවගෙන ගියා දොරෙන් එළියට අම්මට සිරි කෙල්ල යනවා. මගේ හාට් එක වෙවුලලනවා ඒත් කථා කරා කෙල්ලත් කථා කරා අවුලක් නෑ, මමත් ගෙවල් පවුලේ අය ගැන අහ අහ ආවා. සංජීවයා පොර සීන් කරන කෑල්ල පස්සේ මගේ පස්සෙන්ම එනවා පස්ස හරිලා බලනකොටයි දැක්කේ. අම්මට සිරි මුළු ඔෆිස් එකේම බුවාලා හෝල්ට් එක ගාවට යන්න එනවා පස්සෙන්. මමත් වීරයා වගේ කථා කරකර ගිහින් බායි කියලා බෝඩිමට ගියා. බෝඩිමට ගිහින් ඇස්වගෙන අනාගතය ගැන සිහින දුටුවා (සිහින ගැන නොලියමි)
සංජීව ගොඩක් හවස්වෙලා සීන් කරන කෑල්ලයන බස්එකේ ගිහින් බෝඩිමට ආවා. මචං උඹ මාර බුවෙක්නේ උඔ අරක දාගත්තානේ අඩේ මාරයි බං, කෙල්ලෝ ෆුල් හොල්මං බං. අනේ මචං හෙටත් කෙල්ල එක්ක කථා කරකර වරෙන් අරක මට කැමති වෙයි බං ඒක දැක්කම. ඒ කියුවා වගේම පොරටත් අර කෑල්ල සීන් උනා දින කිහිපයකට පස්සේ. මගේත් උගේත් ලව් දෙක නැගලා යනවා. දැන් දෙන්නම අනංගයෝ වගේ ෆුල් හැපි එකේ ඉන්නේ. උදේන්ම ඔෆිස් එක ළඟට යනවා දෙන්නම, කෑලි දෙකත් එනවා හත හමාර වෙනකොට ලවුකරලා 8 ට විතර ඔෆිස් යනවා. වැඩේ නැගලා යනවා.
මමත් සීරා ලව්. බුවත් සිරා ලව්. හැබැයි දෙක වෙනස්. මම කෑල්ලට සෙනසුරාදට බොරැල්ලට එන්න කියනවා මමත් බොරැල්ලට ගිහින් සෙට්වෙලා බොරැල්ලේ හරි ඒ ලගක තියෙන ෆිල්ම් හෝල් එකකට යනවා. බුවා එහෙම නෙවෙයි බුවා උදේන්ම නැගිටල කෙල්ලගේ ගෙදර ලඟට ගිහින් එතන ඉදන් බොරැල්ලට ඇවිදින් ෆිල්ම් එකක් බලලවා කියන දේ කරලා ගෙදරටම ගිහින් ඇරලලා එනවා. මේ ක්‍රියාවලිය දිගටම වෙනවා සෙනසුරාදා ඉරිදා දින දෙක ආතල් එකේ නිදාගෙන 9.30 ට විතර ඇහැරිලා මම බොරැල්ලට ගියාට මිනිහා ඇහැරෙන්නේ සෙනසුරාදා ඉරිදා 3.00ට එන්නේ රෑ 11ට දොලහට එනිහගේ ලවු එක නිසා බස්එකේ ගිහිල්ලාම ඇග කෙට්ටුවෙන්න පටන් ගත්තා. මටත් හරි දුකයි. ඊටත් වැඩිය මළ මේ යකා හින්දා සෙනසුරාදා ඉරිදා බෝඩිමේ දොර වහන්න 3.00 ට විතර මමත් නැගිටින්න ඕනේ. යකෝ මට බෑ දොරවහන්න දොර ඇරින්න. යකෝ කෙල්ලටත් කොහෙට හරි ඇවිත් උඔත් එනනට ගිහින් බස් එකේ නග්ගපං කියලා කොච්චර කිවුවත් බුවාගේ සත්‍ය ප්‍රේමයට ඒවා වැටහෙන්නේ නෑ.
මෝහිනීගේ හෝරාවේ කෑල්ල සොයා යෑම
එදා සිකුරාදා දවසක් රෑ 11 ට විතර බුවා බෝඩිමට ආවා කෙල්ලව සවස වැඩ ඇරිලා ගෙදරටම දාලා. මගේ ආතල් හීනෙත් කැඩුනා දොර අරින්න ගිහින්. මම හෙට දෙකට විතර ගාල්ලේ යන්න යනවා කෑල්ලත් එක්ක. දොර වහපං කියලා බුවා බෙල් එක තියලා බුදිය ගත්තා . ඇදුම් වත් ගැලෙව්වේ නෑ.
සිතින් බැණ බැණ බෝඩිමේ හෝරා යන්ත්‍රය ලගට ගිය මම පැය දෙකක් ඉදිරියට යැවුවා. වෙලාව උදෑසන එක බවට පත්උනා. බෝඩිමේ පොර ඇයි මල්ලී කියලා මගෙන් ඇහුවා. අයියා නිදා ගන්නකෝ මගේ අත් ඔරලෝසුවෙත් මිනිහගේ අත් ඔර ලෝසුවෙත් බෝඩ්මේ හැම ඔර ලෝසුවකම වෙලාව උදෑසන එක බවට පත්උනා බෙල් එක වැදුනා මිනිහා ගියා. මම හොදට නිදා ගත්තා. උදේන්ම බෝඩ්මේ හෝරා යනත්‍ර නිවරදි කොට මගේ ආතල් එක ගතිමි. කරුමේ කියන්නේ පාරට බැස්ස ගමමන් බස් එකක් තිබිලා
Posted in Uncategorized by ගම්පොළයා -
Monday, 15. March 2010
දැන් කාලේ වගේ නොවෙයි ඒ කාලේ අම්මා තාත්තලා හරි වසයි. රජ කාලේ දඩුවම් දෙන්නේ. ඒ දවස අද වගේ මතකයි. මල්ලියි මමයි නිදා ගත්තේ එක ඇදේ. එක දවසක් අපි බස් එලෙව්වා එක ඇද විට්ටමක් අල්ලගෙන මල්ලී හොළවනවා අනිත් කොනෙක් මම හොළවනවා වැඩේ නැගලා ගියා. අපි ගම්පොල ඉදන් ගාල්ලටම ගියා. ඇද දෙපැත්තටම පැද්දෙනවා බේක් ගහනවා, හෙන ආතල්, එක පාරටම එක පැත්තක ඇණයක් ගැලවී බස් එක කැඩුණා මල හත්තිලව්වයි. මල්ලියි මමයි දිව්වා වත්තට. ඩ්‍රයිව්න් එපා කියලා. අම්මා කෑගහනවා ඇහුනා. වෙලාව සවස පහට විතර ඇති පප්පත් එන වෙලාව බඩුම තමයි.
මුන් හදන්න බෑ අම්මා මර ලතෝනි දෙනවා. ඔයානම් වැඩට යනවා මේ යක්කු දෙන්නත් එක්ක මට ඉන්න බෑ. කෝ මුන්. පප්පා වත්තට ආවා ජල ගුටි තොපි අද ගෙදරට ගන්නේ නෑ අම්බානෙක නෙලලා ගෙදර දොර වැහුවා. මමයි මල්ලියි ගෙදර දොරට හේත්තු වෙලා ඇඬුවා පැය දෙකක් විතර ඇඩුවා ගෙට ගන්නේ නෑ. එන්න එන්නම රෑ වෙනවා පන්සලේ ගාථා හඩද නැතිවී ගියා. සැදැහැ සිතින් පන්සල් ගිය උපාසක උපාසිකාවෝ කෙකර ගගා ගෙදර යනවා. අපි දොරට හේත්තු වෙලා මර හඬ දිදී ඇඩුවා.
පව් ළමයි දෙන්නා ගෙදරින් එළියට දාලා. ඇයි පුතාලා අඬන්නේ එක්කෙනෙක් ඇහුවා. මටයි මල්ලිටයි මළ. තොපිට මොකද බැල්ලියෝ අපි ඇඩුවම. පංසල් ගියානම් ගෙදර පලයව්. අපි දොරට හේත්තු වෙලා සිංහ නාද කළා. දන්න ඔක්කොඔ කුණු හරුපත් කියුවා. එක පාරටම දොර ඇරුණා කෙහෙල් කොට දෙකක් වගේ දොරට හේත්තු වෙලා හිටපු අපි ගේ ඇතුළට වැටුනා. පයින් දහයක් විතර කෑවෑ. කාටද තොපි බැන්නේ. කරුවලේ පෙනුනේ නෑ මල්ලී කියුවා. යමන් පංසල් පප්පා පංසලට දෙන්නාම ඇඳගෙන ගියා. හාමුදුරුවන්ගෙන් පංසල් ආපු ලිස්ට් එක ගත්තා.
අපේ ගෙදරට පහල උපාසකයෝ අයින් කරලා අපේ ගෙදර ලගින් එහා ඉන්න අයගේ ලිස්ට් එකක් හැදුවා. ඒක ගෙවල් පිලිවලට සොට් කරා දැන් ගිහින් වැදලා සමාව ගනියව්. ඉහලින් නියෝග ලැබුනා වෙලාව හරියටම හත පසුවී විනාඩි හතලිස් පහයි. දෙන්නා ගෙවල් ගානේ යනවා වදිනවා සමාව ගන්නවා අඩනවා, ඊළග ගෙදරට යනවා රාත්‍රී එකොළහයි වෙලාව කෙලින් ඉන්නත් බෑ ගෙදර එනකොට. පැය තුනෙන් ගෙවල් 200 කට විතර වැදලා ලෝක වාර්ථාවක් ගම්පොලයයි මලිලියි තිබුවේ ඔහොමයි.
එදා තේරුමි ගත්ත ලොකුම දේ තමයි. සමාව ගන්නවා කියන එක කොන්ද කැඩෙන වැඩක් බවත් දෙවැන්න ඇඳන් හෙල්ලුනාම කැඩෙන බවත් (මේ නිසාම දැන් ඇඳ හොල්ලන්නේ නෑ)
Posted in Uncategorized by ගම්පොළයා -
Friday, 12. March 2010
ඉතින් එදා දවසේ පාසල ඇරුනා. මමත් ජීවාත් ප්‍රදීපුත් අපි තුන්දෙනාම කථාවෙවී ගෙදර ආවා. හවස මමත් ජීවාගේ ගෙදර ගියා සෙල්ලම් කරන්න. ඇති ඇති සෙල්ලම පුතා ගෙදර යන්න ජීවාගේ අම්මා කියුවා මට තාම මතකයි. රාත්‍රී අටයි ඒ කාලේ ගෙදර රූප පෙට්ටි යක් තිබුනේ නෑ. තත් තත්ත, තත් තත්ත, විජි තත්ත පොල්කට්ට. පොල්කට්ට අන්න ඒ මියුසික් එක දාලා වයර්ලස් එකේ ප්‍රරවෘත්ති පටන් ගත්තා දැන් වේලාව අටයි, ටොක් .ටොක් .ටොක්. කවුද පප්පා ඇහුවා මම සිල්වා සර්. අම්මට සිරි ජීවාගේ තාත්ත ඇවිදින් ඇයි ඒ. මට තේරුනේ නෑ. පොරත් මොනවාදෝ මොනවදෝ කිය කිය ඉදලා ගෙදර ගියා පප්පා කරුවලේම වැට අයිනෙන් අලි පොල්ලක් කඩාගෙන ආවා.
ලොක්කා මෙහෙ වර.
යකෝ තොගෙ වයස කීයද ලියුම් ලියන්නේ. මේ බලන්න මූ ලියපු ලියුම තාත්තා අම්මටත් පෙන්නුවා. අපේ කොලුවා මෙච්චර කුනු හරුප දන්නේ නෑ අම්මා කියුවා. නැත්තම් මුගේ පොල් අකුරුනේ මේ තියෙන්නේ පප්පා කියුවා. සිල්වා කාරයා හවස දුවගේ පොත් බලනකොට හම්බවෙලා තියෙන්නේ. මේකා මරන්න වටින්නේ. දවස් දෙකක් ඉස්කෝලේ යන්න බැරිවෙන්න ගුටිකෑවා. ඊට පස්සේ දවසේ යනකොට ජීවා ඉන්නවා එන හැම ටීච කෙනෙකුටම වැන්දා. මගේ මූණවත් බැලුවේ නෑ. ඊට පස්සේ දවසේ ඉදන් ඇය පාසල් ආවේ නෑ. සහෝදර බාලිකා විදුහලකට ඇය අස්වෙලා ගියා කියලා දැනගන්න ලැබුනා. කඩප්පුලි කොල්ලොත් එක්ක දුවව මේ ඉස්කෝලේ තියන්න බැරි බව විතරක් සිල්වා කාරයා කියලා තිබුනා.
කවුරු හරී මේ වයසට කලින් කෙල්ලෙකුට ලියුමක් ලියලා තියෙන කෙනෙක් ඉන්නවානම් අත උස්සන්න.
සූජීවාගේ අප පාසලෙන් අස්විය (ඊයේ ලිපියේ ඉතිරිය)
ඉතින් එදා දවසේ පාසල ඇරුනා. මමත් සූජීවාත් ප්‍රදීපුත් අපි තුන්දෙනාම කථාවෙවී ගෙදර ආවා. හවස මමත් සුජීවාගේ ගෙදර ගියා සෙල්ලම් කරන්න. ඇති ඇති සෙල්ලම පුතා ගෙදර යන්න සුජීවාගේ අම්මා කියුවා මට තාම මතකයි. රාත්‍රී අටයි ඒ කාලේ රෑප පෙට්ටි නෑ. තත් තත්ත, තත් තත්ත, විජි තත්ත පොල්කට්ට. පොල්කට්ට අන්න ඒ මියුසික් එක දාලා වයර්ලස් එකේ ප්‍රරවෘත්ති පටන් ගත්තා දැන් වේලාව අටයි, ටොක් .ටොක් .ටොක්. කවුද පප්පා ඇහුවා මම සිල්වා සර්. අම්මට සිරි සුජීවාගේ තාත්ත ඇවිදින් ඇයි ඒ. මට තේරුනේ නෑ. පොරත් මොනවාදෝ මොනවදෝ කිය කිය ඉදලා ගෙදර ගියා පප්පා කරුවලේම වැට අයිනෙන් අලි පොල්ලක් කඩාගෙන ආවා.
ලොක්කා මෙහෙ වර.
යකෝ තොගෙ වයස කීයද ලියුම් ලියන්නේ. මේ බලන්න මූ ලියපු ලියුම තාත්තා අම්මටත් පෙන්නුවා. අපේ කොලුවා මෙච්චර කුනු හරුප දන්නේ නෑ අම්මා කියුවා. නැත්තම් මුගේ පොල් අකුරුනේ මේ තියෙන්නේ පප්පා කියුවා. සිල්වා කාරයා හවස දුවගේ පොත් බලනකොට හම්බවෙලා තියෙන්නේ. මේකා මරන්න වටින්නේ. දවස් දෙකක් ඉස්කෝලේ යන්න බැරිවෙන්න ගුටිකෑවා. ඊට පස්සේ දවසේ යනකොට සුජීවා ඉන්නවා එන හැම ටීච කෙනෙකුටම වැන්දා. මගේ මූණවත් බැලුවේ නෑ. ඊට පස්සේ දවසේ ඉදන් ඇය පාසල් ආවේ නෑ. සහෝදර බාලිකා විදුහලකට ඇය අස්වෙලා ගියා කියලා දැනගන්න ලැබුනා. කඩප්පුලි කොල්ලොත් එක්ක දුවව මේ ඉස්කෝලේ තියන්න බැරි බව විතරක් සිල්වා කාරයා කියලා තිබුනා.
කවුරු හරී මේ වයසට කලින් කෙල්ලෙකුට ලියුමක් ලියලා තියෙන කෙනෙක් ඉන්නවානම් අත උස්සන්න.
Posted in Uncategorized by ගම්පොළයා -
Thursday, 11. March 2010
හරියටම මට අවුරුදු 6යි. එයාගේ නම ජීවා ලස්සන චූටි කෙල්ලෙක් එයා, මමත් හරි හරි නෝට් කොල්ලා ඒ කාලේ. ඉතින් මම ඒ අතීතය ආවර්ජනය කරන්නයි මේ සැරසෙන්නේ. මේ සීන් එක දන්න අය කැත කමෙන්ට් නොදානු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙමි.
ජීවිතයේ මේ සිදුවීම නොවුනානම් මගේ පළමු ලිපිය ලියනු ඇත්තේ අවරුදු 21 කුත් ගියාට පස්සෙයි. නමුත් මෙම සිදුවීම නිසාම පාසලේ අඩුම වයසෙන් කෙල්ලෙකුට ලිපියක් ලියා වාර්ථාවක් තැබීමට මා සමත්වුනා.
කථානායකයා මම නමින් කාවින්ද ඇය නමින් ජීවා. දෙකේ පංතියේ ඉන්නකොට මගේ හොදම මිතුරාගේ නම ප්‍රදීප් අපේ ගෙදරට ගෙවල් පහක් විතර ලඟ නිවසක සිටියේ. ජිවාත් අපේ ගෙවල් ලඟමයි. අපේ පාසල ගම්පොල ලොකු ඉස්කෝලයක් අක්කර 17 ක විතර ඇති. පළතුරු විමානයක් ඒ ගැන පස්සේ ලියන්නම්.
මගේ මිතුරා ප්‍රදීප්. දෙකේ පංතියේ හිටියට මිනිහා තුන්පාරක් විතර ෆේල් වෙලා පුල් අන්දොස් වෙච්ච බුවෙක්. දැන් වගේ නෙවෙයි වැඩ බැරිනම් ෆේල් කරනවා ඒ කාලේ. බුවා හෙන ඇට්ටරයා මම වගේ ලාමක නෑ ඒ කාලේ. අපේ පාසල පිරිමි පාසලක් උනාට අපේ පාසලේ ඉංග්‍රීසි ගුරුතුමාගේ චූටි දුව වන සුජීවා අපේ පංතියේ හිටියේ එකම ගැහැනු පරානේ. මම එයා ගාවමයි වාඩිවෙන්නේ. එදා පාඩම හැටියට උගන්නුවේ ලියුම් ගැන වෙන්න ඹ්නේ. මම ලියුම් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නෑ ඒකාලේ. මගේ යාළුවා ප්‍රදීප් ආවා මම ලඟට. ඇයි මචං මම ඇහුවා අපි ජීවාට ලියුමක් ලියමුද? බුවා ඇහුවා මමත් හරි මොකක්ද කරන්න ඹ්නේ මම ඇහුවා ඔය පොතේ මැද කොලේ කඩපං මමත් ගොනා වගේ කැඩුවා දැන් මොකක්ද කරන්න ඹ්නේ මම බුවාගෙන් ඇහුවා.
ආදරණීය ජීවා කියලා ලියපං උඩින්ම මමත් පොල් අකුරෙන් ලියුවා. දැන් උඔ දන්න කුණු හරුප ලිපයං ඌ කියුවා මම ලියුවා. අනේ දෝශයක් නෑ මගේ වයස 6යක් උනාට පිටු දෙකම පිරෙන්න තරම් කුණු හරුප මම දැනගෙන ඉදලා තියෙනවා අකුරුත් පොල් සයිස්නේ දැන් මීට කියලා උබේ නම ලියපං ඌ කියුවා.. මමත් ලියුවා . හරි මචං මම බෑග් එකට දැම්මා ප්‍රදීප් කියුවා.
ඊට පස්සේ මොකද උනේ…
දැන් අත රිදෙනවා හෙට.
Posted in Uncategorized by ගම්පොළයා -
Friday, 18. December 2009
ඇල්වතුර පවා නිවා බොන බොහෝ පොරවල් ගේ ඇතුලේ ඇත්තේ අසැබි දේය. මෙම නිරුවත ආරක්ෂා කරගන්නා තෙක් ඔබ මෙලොව වසන සීලවන්තම බුවාය. ඔබගේ නිරුවත පෙන්නවාද නොපෙන්වනවා දැයි තීරණය කරගැනීම ඔබ සතුය. ඔබ නිරුවත අනුනට නෙපෙන්වනු
Posted in Uncategorized by ගම්පොළයා -
Thursday, 17. December 2009
නිකන් දෙනවානම් ඒකේ පාට කුමකටදැයි ඔබ විමසනු ඇත. නමුත් සියල්ල දුන්නද එය ලබාගැනීමට අපහසුනම් ඒ කෑල්ලෙන් ඇති වැඩක් නැත. මම එහෙම කියුවාම ඒක නිකන් නේ දෙන්නේ, සල්ලි දෙන්න ඕනේ නෑ නේ කියා ඔබ කියාවි. ඒත් මේකටත් සල්ලි දෙන්න උවමනා නෑ. ඒ දේ ඒ විදිහටත් වැඩිය හොඳට ලැබෙනවා. එසේනම් ? කළු කැත කෑල්ලට යන්න කියමු.
Posted in Uncategorized by ගම්පොළයා -
Monday, 7. December 2009
සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නම විධි චීන ෆෙන්සුයි රහස්
වාස්තුවිද්‍යාවට හා ජීවිතයේ සැබෑ සාර්ථකත්වය සඳහා ෆෙන්සුයි සාස්ත්‍රය නිවරදි ආකාරයෙන් ගලපාගත හැකිය. මින් ලබාගත හැකි ප්‍රයෝජන අප ජීවිතය වඩා චමත්කාර එකක් කරනු ඇත. සාර්ථක බ්ලොග් එකක් සඳහාද ෆෙන්සුයි සාස්ත්‍රයේ ඇති රහස් භාවිතා කළ හැකිය. මගේ සාර්ථකම කෘතිය ලෙස ෆෙන්සුයි කලාව සාර්ථක බ්ලොග් කරනයක් සඳහා නමින් වූ කෘතිය හදුන්වා දීමට කැමති අතර ඔබගේ පහන් සංවේගය උදෙසා මෙම කෘතියෙන් උපුටාගත් ෆෙන්සුයි රහස් නමයක් සැකවින් මාගේ අධ්‍යාපනයම නොවන බ්ලොග් අඩවියේ සටහන් කරන්නට සිත්විය. ඔබ සාර්ථක නොවූ බ්ලොග් කරුවෙකුනම් මෙම ෆෙන්සුයි නිවරදි අයුරින් භාවිත කොට සාර්ථක බ්ලොග් කරුවෙකු වන්න.
1 බ්ලොග් එකක් සැකසීමට ප්‍රථම කළයුතු ෆෙන්සුයි රහස්
- ඔබට මේ වන විට ඇත්තේ එක් ඊමේල් ගිනුමක් නම් පළමුව අවම ලෙස ඊමේල් ගිනුම් නමයක් සකසා ගන්න.
- එම සියළුම ඊමේල් ගිනුම් භාවිත කොට වෙන වෙනම බ්ලොග් සකසා ගන්න. මෙම සෑම ගිනුමකටම වෙන වෙන නම් යෙදීමටත් ඡායාරූප ඇතුලත් කිරීමටත් අමතක නොකරන්න. මෙහිදී පූසන් ගෙබ්බන් හා පබයන් ගේ රූප වඩා හොදින් ගැලපේ.
බ්ලොග් එකක් ඇරබීමේදී අනුගමණය කළ යුතු ෆෙන්සුයි රහස්
2 ෆෙන්සුයි රහස් නාමය.
- මෙලෝ රහක් නැති නමක් වඩා සුදුසුය. ලියන පුද්ගලයා මත පොන්නයා. මෝඩයා. ගොන්බාස්. වැනි ව්‍යාජ නමක් යොදාගැනීමට හැකිපමණින් උත්සාහ කරන්න. (ව්‍යාජ නමක් යොදා ගන්නා බැවින් ඔබව කිසිදිනක හදුනාගැනීමට නොහැකි වනු ඇතැයි සිතා හිත හදා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.)
3 තේමාවක් සකසා ගැනීම.
- මම උගැන්වීමට උපන්නෙමි. ඔබ නිරුවත් කරමි. වැනි තේමාවක් ඔබ විසින් සකසන බ්ලොග් එකෙහි වම් පස ඉහලින් සටහන් කරන්න. (ඔබ ව්‍යාජ නමක් යොදා ඇති බැවින් හා ඔබගේ නිරුවත අනුන්ට නොපෙනේයැයි ඔබ සිතන බැවින් අනුන්ව නිරුවත් කිරීමටත්, ඔබගේ මානසික ආබාධය සඟවා ගැනීමටත් මෙම තේමාව වඩා වැදගත් වේ.)
4 බ්ලොග් එක ලිවීම
- කිසිවිටකත් අලුතින් නිර්මාණයක් නොකරන්න. හැකි පමණින් අනුන් ලියූ බ්ලොග්ම ඔබ විසින්ද ලියන්න. අවම ලෙස අලුත් මාතෘකාවක්වත් නොයොදන්න. උදාහරණයක් ලෙස ඔබ ASP ගැන ලිවීමට අපේක්ෂා කරයි නම් එක් අයෙකු ASP අවකාශයේ උගන්වන PHP ලෙස මාතෘකාවක් යොදා ගෙන ඇත්නම් එයම පොඩ්ඩක් වෙනස් කොට PHP අවකාශයේ උගන්වන ASP ලෙස වෙනස් කර මාතෘකාව යොදන්න. කිසිවිටකත් නිර්මාණශීලී නොවන්න. අලුතින් යමක් කළද අනුන් කරදේම කිරීමට වගබලාගන්න.
- යම් අයෙක් යමක් අලුතින් සිතා ලියා ඇත්නම් එය ඔහුගේ සවිඥානක මනසින් නොවිය යුක්තක් බව කියමින් එයට විරුද්ධව බ්ලොග් එකක් ලියන්න. හැකිපමණ ඔවුන්ව හෑල්ලුවට ලක්කොට ඔබගේ පොරත්වය පෙන්වන්න. එවිට ඔබ ඉතා දක්ෂ පරිණත පුද්ගලයෙකු බව වෙනත් අය තේරුම් ගනු ඇත. එසේම ඔබට අලුතින් යමක් ලිවීමට බැරි හා නිර්මාණශීලී නොවන පුද්ගලයකු බවද අන්අය තේරුම් නොගනු ඇත.
- හැකි සෑම විටම වෙනත් පුද්ලයකු ලියූ බ්ලොග් එකක්ම ඔබ බ්ලොග් එක කරගන්න. එමගින් කොක්කත් පටලවා ගැනීමට ඔබට නිතැතින්ම අවකාශය ලැබෙනු ඇත. මෙය සාර්ථක ෆෙන්සුයි රහසකි.
5 ෆෙන්සුයි කමෙන්ට් කළාව.
- ෆෙන්සුයි සාස්ත්‍රයට අනුව කමෙන්ට් සතුව මහ බලයක් ඇත. ඔබ ආරම්භයේදී සකසාගත් ඊමෙල් ගිනුම් භාවිතා කොට ඔබගේ බ්ලොග් සඳහා වෙන වෙන නම් වලින් කමෙන්ට් නමයක් අන් අය දැමීමට ප්‍රථම යොදන්න. ඉන් මහා බලයක් ලැබෙන අතර අවම ලෙස එක් කමෙන්ට් එකක් වත් ලැබුන හොත් සම්පූර්ණ කමෙන්ට් ගණන 10 යක් වනු ඇත. මෙය අනෙක් අයට ඔබ බ්ලොග් සාර්ථක බව පෙන්වීමට කදිම නිදසුනකි.
- මෙම කමෙන්ට් වලින් අන් අය නිරුවත් කිරීමත්, මඩගැසීමත් හොදින් කළ හැකිය. ඔබම යොදන කමෙන්ට් වලට පුද්ගල නම් අවශ්‍ය වේ නම් කුඩු ලාල්, ඩප්පි සිරා වැනි නම් වඩා හොදින් ගැලපේ. එසේම වෙනත් සාර්ථක බ්ලොග් කරුවන්ගේ නම් වලින්ද කමෙන්ට් දැමිය හැකිය.
6 අන් අයගේ බ්ලොග් මත ෆෙන්සුයි කමෙන්ට් දැමීම.
- මෙහිදී කිසිදු විටක ඔබ නමින් කමෙන්ට් නොදමන්න. ෆෙන්සුයි සාස්ත්‍රයට අනුව එසේ කමෙන්ට් දැමීම ඔබගේ තත්වය නැතිවීමට හේතු වේ. ඔබ කමෙන්ට් නොදමන අයෙක් බව අන් අයට පෙන්වන්න. නමුත් ඔබ කලින් සකසා ගත් ඊමේල් ගිනුම් හා ව්‍යාජ නම් යොදා ගනිමින් අන් අයගේ බ්ලොග් මත වසුරු හෙලන්න. අනුන්ව හැකි තරම් හෑල්ලුවට ලක් කරන්න. එවිට ඔවුන් පසු බසින අතර ඔබගේ ගමන වේගවත් වනු ඇත. ඔබට තත්වයක් නැතිවුවද තිබෙන එක මෙමගින් එය ආරක්ෂා කරගත හැකිය.
7 ෆෙන්සුයි කවුන්ටරයක් සවිකිරීම
- ෆෙන්සුයි සාස්ත්‍රයට අනුව යූසර් කවුන්ටරය ආරම්භ කළ යුත්තේ 10,000 හට ඔබ්‍බෙන් වූ අගයකිනි. ඔබ සවිකරණ මීටරයේ ආරම්භක අගය 10009 යෙන් පටන් ගන්න. එය දකුණු පස හෝ වම් පස හෝ ඉහල හෝ පහළ සවිකරන්න. එවිට අඩවියට පැමිණෙන ආරම්භක පුද්ලයා වුව සිතනුයේ මෙච්චර පුද්ගල සංක්‍යාවක් බලන අඩවියක් මම නොබලා ඉන්නේ කෙසේ ද යැයි ඔවුන් සිතනු ඇත.
- දිනකට අවම ලෙස 59 වතාවක් වත් ඔබගේ අඩවිය වෙත ප්‍රවිශ්ථ වීමෙන් මෙම ෆෙන්සුයි කවුන්ටරයෙහි දැක්වෙන අගය වැඩි කරගැනීමට උත්සාහ කරන්න. අවශ්‍ය නම් අයිපී වෙනස් කොට නැවත නැවත ඔබම අඩවියට ප්‍රවිශ්ථ වන්න.
8 ෆෙන්සුයි හබායන්නන් ඇතුලත් කිරීම
- Follower නමින් හදුන්වන ෆෙන්සුයි හබායන්නන් සාර්ථක බ්ලොග් එකක් සඳහා අත්‍යඅවශය වේ. මෙහිදී කලින් සකසා ගත් මේල් ලිපිණ භාවිතා කොට ආරම්භයේදීම හබායන්නන් 9 දෙකෙකු ඇතුලත් කරන්න. මෙමගින් හබායන්නන් වේගවත්ව එක්වනු ඇත.
- යම් ලෙසකින් හබාගන්නන් ප්‍රමාණය අඩු බව ඔබ පලමු දින 9 ය ඇතුලත තේරුම් ගනීනම් හබායන්නන් දැක්වෙන කොටස ඉවත් කරන්න. එමගින් ඔබගේ අසාර්ථකත්වය මැකීයනු ඇත.
9 ෆෙන්සුයි සින්ඩිය.
- සිංහල බ්ලොග් කරුවන්ගේ සින්ඩිය හා වෙනත් සින්ඩිවල ලියාපදිංචි වීම අනිවාර්යයෙන්ම කරන්න. නනාප්ප්‍රකාර පුද්ගලයන් මෙම සින්ඩිය බලන බැවින් බොහෝවිට වැරදිලා හෝ මූසිකය එබීම මගින් පුද්ගලයන් ඔබගේ අඩවිය වෙත පැමිනෙනු ඇත.
- සින්ඩියේ ආචාරියන්ගේ හඳුනාගැනීමටත් ඔවුන්ගේ ගුණ ගැයීමටත් ඔවුන්ව අත්තේ තැබීමත් හැකි සෑම විටදීම උත්සාහ ගන්න. ඔවුන්ගේ තීරණ වලට ඔබ එකඟ බවත් ඔවුන් වෙනුවෙන් කඩේ යාමත් නිතැතින් කරන්න. ඔවුන් ගත් තීරණ හරි බව සැමවිටම පවසන්න. එවිට අන් අය ඔබට අභියෝග නොකරනු ඇත.
අංක එකේ සිට නමය දක්වා වූ ෆෙන්සුයි රහස් ඔබගේ මිතුරන් මේ වන විටත් භාවිතා කොට සාර්ථක බ්ලොග් කරුවන් බවට මේ වන විටත් පත්වී ඇත. ඔබද මෙම ෆෙන්සුයි රහස් ක්‍රියාවට නගන්න. ඉදිරියෙදී අලුතින් මුද්‍රණය වන මෙම කෘතිය සඳහා මා නොදන්නා තව ෆෙන්සුයි රහස් ඇත්නම් එය කමෙන්ට් ලෙස ඇතුලත් කරන්න. මෙම ෆෙන්සුයි රහස් හෙලිකිරීම මගින් ඔබට යම් අසාධාරණයක් වූයේනම් මට කුණු හරුපෙන් බැනීමටත් අමතක නොකරන්න. ඒ සඳහාද මා හදුන්වාදුන් ෆෙන්සුයි රහස් නාමය භාවිත කරන්න. ඔබට ෆෙන්සුයි පිහිටයි.
Posted in Uncategorized by ගම්පොළයා -
Wednesday, 11. November 2009
ඔයා හරි ළමයෙක් තමා එක එක දවසට එක එක ෆෝන් එකෙන් කථා කරනවා එකකට රීලෝඩ් දාගන්නකෝ. සමන්මලී මට එහෙම කියුවට මම කොහොමද එකකටම රී ලෝඩ් දාන්නේ.
ඊයේත් මගේ ෆෝන් එකකට රී ලෝඩ් එකක් දාගන්න ගියහම කෝ රුපියල් 56 ක් දෙන්න කියලා කොමියුනි කේෂන් එකේ ටූචි නංගී සල්ලි ඉල්ලා ගත්තා.
හරි අයියා මෙතන අස්සන් කරන්න කෝ අයි ඩී එක දෙන්නකෝ ෆොටෝ කොපි දෙකට රු 6 යි සිම් එක පනහයි අයියේ රු 150 ක් නොමිලේ ඇමතුම් කාලයක් තියෙනවා දැන් රී ලෝඩ් දාන්නේ නෑ අයියා සිම් දාන්නේ.
ඕක ඉවරවුනහම ආයේ එන්න , හුලන් වැදි වැදි කෝල් කර කර ගෙදර යන්න අයියා. සිම් එක පස්සේ තලලා දාන්න.
තෑක්ස් නංගී බායී.
Posted in Uncategorized by ගම්පොළයා -