යකෝ මම ගමටම වැන්ද බුවෙක්
Monday, 15. March 2010
දැන් කාලේ වගේ නොවෙයි ඒ කාලේ අම්මා තාත්තලා හරි වසයි. රජ කාලේ දඩුවම් දෙන්නේ. ඒ දවස අද වගේ මතකයි. මල්ලියි මමයි නිදා ගත්තේ එක ඇදේ. එක දවසක් අපි බස් එලෙව්වා එක ඇද විට්ටමක් අල්ලගෙන මල්ලී හොළවනවා අනිත් කොනෙක් මම හොළවනවා වැඩේ නැගලා ගියා. අපි ගම්පොල ඉදන් ගාල්ලටම ගියා. ඇද දෙපැත්තටම පැද්දෙනවා බේක් ගහනවා, හෙන ආතල්, එක පාරටම එක පැත්තක ඇණයක් ගැලවී බස් එක කැඩුණා මල හත්තිලව්වයි. මල්ලියි මමයි දිව්වා වත්තට. ඩ්‍රයිව්න් එපා කියලා. අම්මා කෑගහනවා ඇහුනා. වෙලාව සවස පහට විතර ඇති පප්පත් එන වෙලාව බඩුම තමයි.
මුන් හදන්න බෑ අම්මා මර ලතෝනි දෙනවා. ඔයානම් වැඩට යනවා මේ යක්කු දෙන්නත් එක්ක මට ඉන්න බෑ. කෝ මුන්. පප්පා වත්තට ආවා ජල ගුටි තොපි අද ගෙදරට ගන්නේ නෑ අම්බානෙක නෙලලා ගෙදර දොර වැහුවා. මමයි මල්ලියි ගෙදර දොරට හේත්තු වෙලා ඇඬුවා පැය දෙකක් විතර ඇඩුවා ගෙට ගන්නේ නෑ. එන්න එන්නම රෑ වෙනවා පන්සලේ ගාථා හඩද නැතිවී ගියා. සැදැහැ සිතින් පන්සල් ගිය උපාසක උපාසිකාවෝ කෙකර ගගා ගෙදර යනවා. අපි දොරට හේත්තු වෙලා මර හඬ දිදී ඇඩුවා.
පව් ළමයි දෙන්නා ගෙදරින් එළියට දාලා. ඇයි පුතාලා අඬන්නේ එක්කෙනෙක් ඇහුවා. මටයි මල්ලිටයි මළ. තොපිට මොකද බැල්ලියෝ අපි ඇඩුවම. පංසල් ගියානම් ගෙදර පලයව්. අපි දොරට හේත්තු වෙලා සිංහ නාද කළා. දන්න ඔක්කොඔ කුණු හරුපත් කියුවා. එක පාරටම දොර ඇරුණා කෙහෙල් කොට දෙකක් වගේ දොරට හේත්තු වෙලා හිටපු අපි ගේ ඇතුළට වැටුනා. පයින් දහයක් විතර කෑවෑ. කාටද තොපි බැන්නේ. කරුවලේ පෙනුනේ නෑ මල්ලී කියුවා. යමන් පංසල් පප්පා පංසලට දෙන්නාම ඇඳගෙන ගියා. හාමුදුරුවන්ගෙන් පංසල් ආපු ලිස්ට් එක ගත්තා.
අපේ ගෙදරට පහල උපාසකයෝ අයින් කරලා අපේ ගෙදර ලගින් එහා ඉන්න අයගේ ලිස්ට් එකක් හැදුවා. ඒක ගෙවල් පිලිවලට සොට් කරා දැන් ගිහින් වැදලා සමාව ගනියව්. ඉහලින් නියෝග ලැබුනා වෙලාව හරියටම හත පසුවී විනාඩි හතලිස් පහයි. දෙන්නා ගෙවල් ගානේ යනවා වදිනවා සමාව ගන්නවා අඩනවා, ඊළග ගෙදරට යනවා රාත්‍රී එකොළහයි වෙලාව කෙලින් ඉන්නත් බෑ ගෙදර එනකොට. පැය තුනෙන් ගෙවල් 200 කට විතර වැදලා ලෝක වාර්ථාවක් ගම්පොලයයි මලිලියි තිබුවේ ඔහොමයි.
එදා තේරුමි ගත්ත ලොකුම දේ තමයි. සමාව ගන්නවා කියන එක කොන්ද කැඩෙන වැඩක් බවත් දෙවැන්න ඇඳන් හෙල්ලුනාම කැඩෙන බවත් (මේ නිසාම දැන් ඇඳ හොල්ලන්නේ නෑ)
මධුර Says:
කියලා වැඩක් නෑ. අම්මයි තාත්තයි අයිය මලෝ දෙන්නව හොඳට හදලා තියෙනවා. මේ වගේ දෙමව්පියෝ තමා අද කාලේ දරුවන්ටත් ඉන්න ඕන. හැබැයි අද කාලේ ඉන්න පොඩි එවුන් හදන්න මේ වගේ ඳඩුවම් හොඳ වැඩියි. ඇඳෙ ඉඳන් බස් එළවන වැඩේ මමත් පොඩි කාලේ කරපු සෙල්ලමක් ඇත්තටම ඒක මරු සෙල්ලමක්
palaamalla Says:
හික් හික්… නැති වෙන්නම ගුටි කාල මදිවට ගම පුරාම වැද වැද යන්නත් වෙලනේ.. ඊට පස්සෙ බස් නම් එලවන්න නැතිව ඇති
Raven Says:
හෙ..හෙ.. අදනම් හොඳට හිනා උනා උඹේ පෝස්ට් එක කියවල. ස්තූතියි මචන්. අද්දැකීම නියමෙට ලියලා තියනව.
RanDil Says:
අසාධාරණයි අසාධාරණයි. ඔයා විතරක් නෙමෙයිනේ මල්ලිත් වැන්දානේ.ඔහොම කමයි රජ වුනාට පස්සේ ‘රජුන් තනන්නෝ’ අමතක වෙනවානේ නේද?
කොහොම වුනත් ගොඩ කාලෙකට පස්සේ හොඳටම හිනා වුනා (කට ඇතුලෙන් හැබැයි. ඉන්නේ ඔෆිස් එකේනේ)
අපේ මම්මාටත් ඉන්නවා පුතාලා තුන් දෙනෙක්. ඔය වගේම තමයි. එක්කෙනෙක් ගහ මුල මුර කරනවා එක්කෙනෙක් ගහ උඩ පොල් කඩනවා. හැබැයි අනුන්ගේ නෙමෙයි (තාම). අප්පච්චිට බයේ තමයි සේරම වැඩ.
එක්කෙනෙක් කුස්සියේ දොර මුර කරනවා. එක්කෙනෙක් ෆිජ් එක හිස් කරනවා.
thariya Says:
full arthal story…………….
තාරක වීරසේකර Says:
හි හි හී.. වැඩක් නෑ කතා කරලා.. එළ ස්ටෝරිය…
ඈ බන්.. උඹලා දෙන්නා මාර පුත්‍රයෝ දෙන්නෙක්නේ!
විශ්මි Says:
හි හි හි.. නියමයි මේ කතාවනම්… හොඳට හිනා වුනා…..
Prasanna Says:
නියම කතාව තමයි. හොඳට හිනා ෙවන්න පුලුවන්. කියලා වැඩක් නෑ.
තමීර Says:
හික්ස්! එහෙම හදපු හින්ද තමයි අද ගම්පොළය මෙහෙම හරි තැනක ඉන්නෙ!
chejana Says:
really enjoyable,
eldileepa Says:
පට්ට පට්ට…
Kathandara Karaya Says:
Saadu, saadu
Mahasayta Says:
mama i dadai sahena darunui wageneda.ape gedarath issara awage.dannam ahema na
rachiyo Says:
තොපි දෙන්නව ඔහොම හැදුවේ නැත්තන් මලහත්තිලව්වක් වෙන්නේ.ඒක නෙමෙයි. . . ඇත්තටම දැන් ඇඳ හොලවන්නේ නැද්ද?
බුදධි Says:
පොඩි කලේ ඈද හෙලවීමේ ආතල් මම ද ගෙන ඈත. ඒක මතක් වී මටත් හිනා. දිගමට එමි.
රවා Says:
මැක්සා කාලෙ බන්… මමයි , බුද්දිකයයි, ධනුෂකයයි… මුලු ඉස්කොලෙටම වැන්දා… ඔය වගෙ සින් එකකට…. නියමයි…
බුධාජීව Says:
මේක කියනවද නොකියනවද කියල කල්පනා කළේ, මොකද ඔබේ හිත හොඳ නැතිවෙන්න පුළුවන්!
මට නම් හිතෙන්නේ ඔබේ පියාට පරපීඩක කාමුකත්වය වගේ මානසික ලෙඩත් තිබිලා තියනවා.
ගම්පොළයා Says:
@බුධාජීව.
ඒක ජානවලින් එන්නේ. දැන් මටත් තියෙනවා. හොඳ වෙලාවට ඒක තාත්තට තිබුනේ. නැත්නම් ඕන වරදක් කරලා සමාවවත් ගන්න දන්නැති , වැරද්ද මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරි තවත් පුද්ගලයෙකු බවට මාවත් පත්වෙන්න තිබුනා.
කසුන් Says:
ගිනස් පොතට යන්න ඕනේ දඩුවමක්නේ!
indik Says:
එළ එළ… ඇයි ඉතින් පව් කියල ඇහුව කෙනාට බනින්න ගියෙ? හොඳ වැඩේ…
Geeth Says:
baduma thamai. niyama kathawa..office eke bada pelenakam hina una thaniyama..ara nokiyapu kunuharapa tika mama athin dagena kiyewwe..mamath e ayata palu yanta ubala wenuwen hithin benna.mattath innawa malliyek. uui maai karapuwa tikak mathak una.
බුධාජීව Says:
@ගම්පොළයා:
වරදක් කළාම සමාව ගන්න යොමු කිරීමයි පොඩි උන් දෙන්නෙක් සෙල්ලම් කිරීමේ “වරදට” අර විදියට ක්‍රියාකිරීමයි දෙකක්.
ඔවැනි වයසක කෙනෙක් කරන දෙයක් “වැරැද්දක්” වෙන්නේ “වැඩිහිටියන්”ට සාපේක්‍ෂව. කුඩා එකෙකු තුළ “වැරැද්දක්” කිරීමේ පරමාර්ථය නැහැ. ඉතින්, පොඩි එකෙකු කරන ලද ක්‍රියාව “වැරැද්දක්” වන්නේ මන්ද, එය නොකළ යුතු වන්නේ මන්ද යන්න පහදා දෙන්නේ නැතිව ශාරීරික අපයෝජනයන්ට ලක් කිරීම කළ යුතු නැහැ (මින් අදහස් වන්නේ නැහැ වෙනස් අවස්ථාවල ශාරීරික අපයෝජනයන්ට ලක් කළ යුතු බව.).
රයිගමයා Says:
ශාරීරික හෝ මානසික අපයෝජන සුදුසු නැත. වැරැද්ද සාපේක්ෂය. තාත්තා කරපු දේ වැරැද්දක් සේ දකින්නේ ද සාපේක්ෂවය.එසේනම් සාපේක්ෂව ගම්පලයාද, මල්ලීද, අම්මාද, තාත්තාද, පන්සල් ගිය උපාසක ඇත්තෝද, ලිස්ට් එක දුන් හාමුදුරුවෝද, ආදී ලෙස එම සිද්දියට සහභාගිවූ සියල්ලෝද, ඇඳ හදපු වඩුවාද, හිතවත් බුධාජීවද, කොහෙවත් යන එකකට හොට දැමූ මමද සාපේක්ෂව වැරදි කරුවෝය. මේ බව හොඳින් තේරුම් ගත් මහා බුද්ධිමතෙක් ලෙස කැකිල්ලේ රජ්ජුරුවෝ නම් කළ හැකිය.
ඔය පරපීඩක කාමුකත්වයට විරුද්ධ පදයක් තියෙනවාද? ස්වපීඩක කාමුකත්වය කියා දෙයක් තියෙනවාද? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ.
ගම්පොළයා Says:
@බුධාජීව පුතේ මමත් ඔහොම හිතුවා පුංචි සංදියේ. හොදි ගාලා හඳන හොද්දෙයි. නැතුව හදන හොද්දයි දෙකක්. ඊනියා ටෝක් හරියයි පුතේ නුබත් ළමයි හදපු දාට. මොකද ළමයින්ට කලින් බැනුම් අහන්නේ උන් හදපු අම්මා තාත්තට. තවත් නොලියම් මන්ද මම මගේ අඩවිය තුල මමම කමෙන්ට් දාගැනීමට අකමැති බැවිනි.
බුධාජීව Says:
@රයිගමයා:
[said:රයිගමයා]
ශාරීරික හෝ මානසික අපයෝජන සුදුසු නැත. වැරැද්ද සාපේක්ෂය. තාත්තා කරපු දේ වැරැද්දක් සේ දකින්නේ ද සාපේක්ෂවය.එසේනම් සාපේක්ෂව ගම්පලයාද, මල්ලීද, අම්මාද, තාත්තාද, පන්සල් ගිය උපාසක ඇත්තෝද, ලිස්ට් එක දුන් හාමුදුරුවෝද, ආදී ලෙස එම සිද්දියට සහභාගිවූ සියල්ලෝද, ඇඳ හදපු වඩුවාද, හිතවත් බුධාජීවද, කොහෙවත් යන එකකට හොට දැමූ මමද සාපේක්ෂව වැරදි කරුවෝය. මේ බව හොඳින් තේරුම් ගත් මහා බුද්ධිමතෙක් ලෙස කැකිල්ලේ රජ්ජුරුවෝ නම් කළ හැකිය.
[/said]
කැකිල්ලේ ටයිප් එකට යන්න ඕන නෑ, කියන්න ඕන ටික මම කියලා තියනවා ඉහත ප්‍රතිචාරවල පැහැදිළිව. එය ඔබට ජෝක් එකක් ලෙස පෙනෙනවා නම් මට කරන්නට දෙයක් නැහැ.
[said:රයිගමයා]
ඔය පරපීඩක කාමුකත්වයට විරුද්ධ පදයක් තියෙනවාද? ස්වපීඩක කාමුකත්වය කියා දෙයක් තියෙනවාද? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ.
[/said]
ඔවු, තමුන්වම පීඩාවට පත් කරගෙන එයින් තෘප්තියක් (ඔවුන් සිතනා පරිදි යම් ප්‍රයෝජනයක්) ලැබීම. දිවේ කටුගසාගෙන පෙරහැරේ යන්නාගේ සිට සියදිවි නසාගන්නා පුද්ගලයා තෙක් තිබෙන්නේ එයයි.
ඉඩත් තිබෙන වෙලාවක එස්. එම්. බන්දුසීල විසින් “මනුසත් උයන” නමින් සිංහලට පරිවර්තනය කළ ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොත කියවල බලන්න. එහි මේ පිළිබඳව පැහැදිළිව දක්වලා තියනවා.
@ගම්පොළයා:
[said:ගම්පොළයා]
පුතේ මමත් ඔහොම හිතුවා පුංචි සංදියේ
[/said]
ඒ කාලයේ එහෙම හිතීමටත්, දැන් එසේ නොසිතීමටත් හේතුව, සිද්ධියට මුහුණදෙන දරුවාගේ පැත්තෙන් නොබලා “වැඩිහිටියෙකු” (වයසින් වැඩි පුද්ගලයෙකු) ලෙස සිතන්නට ඔබ පුරුදු වීම නිසයි.
[said:ගම්පොළයා]
හොදි ගාලා හඳන හොද්දෙයි. නැතුව හදන හොද්දයි දෙකක්
[/said]
ළමයෙකුගේ මනසයි හොද්දයි සමාන කරන ඔබ පිළිබඳව මගේ කණගාටුව!
[said:ගම්පොළයා]
ඊනියා ටෝක් හරියයි පුතේ නුබත් ළමයි හදපු දාට.
[/said]
සාම්ප්‍රදායිකව ළමා මනසයි හොද්දයි සමාන කරන ඔබ හිතන විදියද, මගේ “ඊනියා ටෝක්” ද හරි කියලා බලමු.
[said:ගම්පොළයා]
මොකද ළමයින්ට කලින් බැනුම් අහන්නේ උන් හදපු අම්මා තාත්තට
[/said]
ළමයෙක් (වයසින් වැඩි අයට සාපේක්‍ෂව) වරදකින් මුදවාගන්න සාර්ථක ක්‍රමය ශාරීරික අපයෝජනයට ලක් කිරීමද?නැතිනම් කරුණු වටහා දීමද?
[said:ගම්පොළයා]
තවත් නොලියම් මන්ද මම මගේ අඩවිය තුල මමම කමෙන්ට් දාගැනීමට අකමැති බැවිනි.
[/said]
මෙයට කියන්නේ තමන්ගේ අඩවිය තුළ තමන්ම කමෙන්ට් දමාගන්නවා කියා නොව, තමන්ගේ ලිපියකට එන පාඨක ප්‍රතිචාරවලට පිළිතුරු දෙනවා කියායි.
පිළිතුරු දීමට ඔබ සූදානම් නැති නම්, ඒ පිළිබඳව මාගේ කිසිදු අමනාපයක් නැත. ඔබ ගැටළුවෙන් පැන ගිය බව මම අවධානයට ගන්නම්.
ගම්පොළයා Says:
ඔව් පුතේ ඔබ මෙය කියවා ආරම්භ කළ තර්කයෙන් ඔබ ජයග්‍රාහකයා වී ඇත. මම පැරදිය.
බුධාජීව Says:
[said:ගම්පොළයා]
ඔව් පුතේ ඔබ මෙය කියවා ආරම්භ කළ තර්කයෙන් ඔබ ජයග්‍රාහකයා වී ඇත. මම පැරදිය.
[/said]
ඔබ තර්ක කළේ දිනන්නද? එහෙනම් ඉතින් ඔබ කියපුවා ගැන නැවත වරක් හිතන්න වෙනවා. මොකද දිනන – පරදින විවාදයකදී කියවෙන්නේ සත්‍ය විතරයි කියල කියන්න බෑ නෙ.
මම හිතං හිටියේ මම යෙදිල හිටියෙ සංවාදයක කියලා. අපරාදෙ මගෙ ප්‍රතිචාර ටික! බලනකොට මෙතන විවාදයක්නෙ තිබිල තියෙන්නෙ.
ගම්පොළයා Says:
අපරාදෙ මගෙ ප්‍රතිචාර ටික!
මෙය තේරුම් ගැනීම යහපති
ඇත්තටම මෙම අඩවිය මොකක්ද.
තේමාව තේරුම් ගන්න
ජීවිතය සරලව දකිමු. සිනාසෙමු. ඒ හොදටම ඇති. වැඩක් නැති කොට පොඩ් ආතල් එකක් ගන්න මම එනවා මෙතනට.
මෙතන තර්ක හෝ සංවාද නැත. ඇත්තේ ආතල් පමණි.
මෙය කියවා ආතල් ගත්තානම් ඒ ඇති.
facebook chips Says:
i probably would not have suspected this had been useful a couple years ago but it is surprising how years varies the manner of how you understand abnormal creative concepts, thank you for the post it really is nice to read some thing sensible occasionally in lieu of the customary rubbish mascarading as blogs on the internet, i’m off to take up a smattering of rounds of zynga poker, take care
top casinos Says:
Saw a link to this post over at Delicious. Thanks for posting it.
citizen automatic Says:
Hi there I have troubles adding this blog page to my RSS reader. My browser is K-Melon, could that be causing the trouble?
travel document holder Says:
Thanks for the well-thought article. I’m actually at work at the moment! So I need to go off without reading all I’d like. However, I put your blog on my google feed so that I can read even more.
Financial Help Says:
You know this made me think of a quote. It’s something like: “All life is an experiment. The more experiments you make the better.” Amerindo Arron Emmerson
Watch Pushing Daisies Episodes Says:
You know this made me think of a quote. was something like: “All life is an experiment. The more experiments you make the better.” Ralph Waldo Emmerson
Watch Twilight Eclipse Says:
hey there i posted a remark a little while back regarding exactly how to speed up my twilight eclipse site’s load time considering the fact that we utilized the same theme back then and somebody left a comment responding to it on my site days ago – if that was you I just wanted to say thanks, and if it was not you then i am sorry to bother you, but cheers anyways!
Cher Himes Says:
lol alright so this is how mindless I am, midway through reading through your post I accidentally dropped my computer mouse and shut the window by accident and I could not locate your internet page once again right up until 4 days later on to finish reading from the spot i had left off since I did not remember how I linked to your site in the first place ahaha anyway it was worth the delay..thanks
Darnell Nogueira Says:
Why have you deleted my post? It was very helpful information and i guarantee atleast one person found it helpful unlike the rest of the comments on this web site. I’ll post it again. Tired of obtaining low numbers of useless visitors for your site? Well i wish to share with you a brand new underground tactic that produces me personally $900 on a daily basis on 100% AUTOPILOT. I could truthfully be here all day and going into detail but why dont you just check their site out? There is really a great video that explains everything. So if your seriously interested in making simple money this is the website for you. Auto Traffic Avalanche
Pearlene Karry Says:
Thanks this made for very intresting reading. I really adore your site, the theme is extremely cool. I have visited here a few times but never left a commented, just wanted to let you know… Keep up the brilliant work! Another thing i adore to do when reading blogs is play Flash games
Worlds Hardest Game and Crush The Castle are the two favorite.
Derrick Mcarthur Says:
Hey guys, long story short. A couple weeks ago i saw a comment just like this one promoting a product called Mobile Monopoly. I decided to visit the website and check the product out, i was amazed with it and signed up right away. So far i have made $2,512 in 3 weeks. I suggest you all check their website out, what have you got to lose? I GUARANTEE you’ll register with them after you watch their video… The method is just incredible for earning money online and also the potential cash you can make from it is near infinite. Really worth considering… Mobile Monopoly